මෝටර් රථ එන්ජිම හා සිව්පහර
මෝටර් රථ එන්ජිම හා සිව්පහර
මෝටර් රථ එන්ජිම
එන්ජින් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.
1. බාහිර දහන එන්ජින්
( External Combustion Engine )
2. අභ්‍යන්තර දහන එන්ජින්
( Internal Combustion Engine )
TDC - ඉහළ උඩු සීමව
BDC - පහල යටි සීමව
STROKE - එන්ජිම තුල පිස්ටනය ගමන් කරන උපරිම දුර
සිව්පහර
සිව්පහර යනු කුමක්ද?
වාහනයක් ධාවනය කීරිමට අවශ්‍ය ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිම තුලට ඇතුළු කර ගැනිම , එම ඇතුළු කරගත් ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය කර ගැනිම , සමපීඩනය කරගත් ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීම , දහනය කර ගත් ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිමේන් ඉවත් කිරීම යි.
ඉන්ධන වාත මිශ්‍රණය ඇතුළු කිරීම චූෂණ පහර (INTAKE STROKE) ලෙසද, සම්පීඩනය කිරීම සම්පීඩනය පහර (COMPRESSION STROKE ) ලෙසද , දහනය කිරීම බල පහර (EXPANSION STROKE ) ලෙසද , ඉන්ධන වාත මිශ්‍රණය පිටවීම පිටාර පහර (EXHAUST STROKE ) ලෙසද හදුන්වයි.
1. චුෂණ පහර Intake Stroke
2. සම්පීඩනය පහර Compression Stroke
3. බල පහර Expansion Stroke
4. පිටාර පහර Exhaust Stroke
1. චුෂණ පහර Intake Stroke
මෙම පහරේදී ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිම තුලට ඇතුළු වීම සිදු වේ.
මෙහිදි ,
* පිස්ටනය TDC සිට BDC දක්ව පහලට ගමන් කරනු ලබයි
* චුෂණ වෑල්වය විවෘතව පවතින අතර පිටාර වෑල්වය වැසී පවති.
* සිලින්ඩරය තුල අර්ධ රික්තයක් ඇතිවන අතර මෙහිදි සිලින්ඩරය තුලට ඉන්ධන වාත මිශ්‍රණය ඇතුළු විම සිදුවේ.
2. සම්පීඩනය පහර Expansion Stroke
මෙම පහරේදී චූෂණ කරගත් ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය කරනුලබයි.
මෙහිදි ,
* පිස්ටනය BDC සිට TDC දක්ව ඉහළට ගමන් කරනු ලබයි.
* චුෂණ වෑල්වය සහ පිටාර වෑල්වය දෙකම මෙම අවස්ථාවේ වෑසී පවති.
* චුෂණය කර ගත් ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය කිරීම
* මෙම පහර අවසන් වීමට මොහොතකට පෙර පුලිඟු පෙනුව මගින් පුලිඟුවක නිකුත් කරනු ලබයි
3. බල පහර Compression Stroke
මෙම පහරේදී සම්පීඩනය කර ගත් ඉන්ධන වාත මිශ්‍රණය දහනය කරනු ලබයි
මෙහිදී ,
* පිස්ටනය TDC සිට BDC දක්වා පහලට ගමන් කරයි.
* චුෂණ වෑල්ව සහා පිටාර වෑල්ව දෙකම වෑසී පවති.
* සම්පීඩනය කරගත් වාත මිශ්‍රණය පුලිඟු පේණුව මගින් නිකුත් කරනු ලැබු පුලිඟුව මගින් ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීම සිදු කරනු ලබයි.
* ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීම මගින් ලැබෙන බලයෙන් පිස්ටනය පහලට තල්ලු කිරීමක් මගින් පිස්ටනය පහලට ගමන් කරයි.
4. පිටාර පහර Exhaust Stroke
මෙහිදි ,
* පිස්ටනය BDC සිට TDC දක්වා පහලට ගමන් කරනු ලබයි.
* චුෂණ වෑල්වය වැසි පවතින අතර පිටාර වෑල්වය විවෘතව පවතී.
* බල පහර මගින් දහනය වු ඉන්ධන වාත මිශ්‍රණය සිලින්ඩරයෙන් ඉවත් කිරිම සිදු කරනු ලබයි.
සම්පීඩනය අනුපාතය
(Compression Ratio )
Vn - පිසදමන පරිමාව (Swept Volume )
Vc - දහන කූටීර පරිමාව (Clearance Volume )
ස.අනු = Vn + Vc ÷ Vc
Comments
Post a Comment