දුම් වැටිය උසාවි යයි !
තමා පෙණහලු පිළිකා බවට පත් කල සිගරැට්ටුවට විරුද්ධව නඩු මගට බැසීමට තීරණය කළා
ඇමරිකානු ජාතික රිචඩ් බොක්න් නම් පුද්ගලයා ලෝකයම පුදුමයට පත් කරමින්
දුම් වැටයට විරුද්ධව උසාවි යාමට තිරණය කරයි.
මොහු බොහෝ කලක සිට දුම් වැටියට ලොබ බැදී සිටි පුද්ගලයෙකි.
ඔහුව පෙණහලු පිළිකා රෝගියකු බවට පත් කල දුම් වැටිය යට එරහිව උසාවි යමට තිරණය කළේය. මෙහිදී දුම් වැටිය අජීවි වස්තුවක් වන බැවින් විත්තිකරු වුයේ එය නිපදවන සමාගම වන පිලිෆ් ටොරිස් සමාගම වේ.
[ලෝක් ප්‍රකට මාල්බොරෝ සිගරැට් වර්ගය නිපදවන සමගම වේ.]
නීතිය මගින් පුද්ගලයෙකු වෙනුවෙන් විශාල වන්දි මුදලක් පැමිණිලිකරුට උරුම කර දෙමින් හා ලෝක නිති ඉතිහසයේ නව පිටුවක් පෙරළමින් අවසන් වු නඩුව ලෙස මෙය හැදින්වේ.
වඩාත් ප්‍රසිද්ධියට පත් වු සිද්ධිය මෙය වු නමුත්
මෙවැනි සිද්ධියක් සිදුවු පළමු අවස්ථාව ද නොවේ.
මීට පෙරද මෙවැනි සිදුවීම් සිදුවී ඇත.
වර්ෂ 1999 ජුලි මස ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ මියම් ඩෙඩ් අධිකරණයේ දී දුම් පාලනයේ න් පීඩිත පුද්ගලයන් සමුහයක පිලිෆ් මොරිස් සමාගම ප්රමුඛ ස්මාගම් 5කට විරුද්ධව නඩු ගොනු කොට තිබුණි.
එහිදි අප්‍රෙල් මස විනිසුරු රොබට් පෝල් කායි වන්දි මුදල් ලෙස ඇ.ඩොලර් මිලියන 127 ක මුදලක් පැමිණිලි පාර්ශ්වයට ලබා දීමට නියොග කලේය.
දුම් පාලනයේ ආදීන වලට සැබැවින්ම වගකිව යුත්තේ කවුරුන් ද, පසුම්බියේ මුදල් හිස් කර ගනිමින් දුම් පාලනය කරන අමන මිනිසුන් ද නැතිනම් මිනිස් ජීවිත මර උගුලට ඇද දමා
තමන් දිවුණු වීමට හදන කාලකන්නි බහුජාතික දුම්වැටි සමාගම්ද?
අද වන විට සමාජයේ බොහෝ පිරිසක් මෙම දුම් පනය සදහා පෙලබී සිටින අතර කනගාටුදායක කරුන වන්නෙ අද වන විට පාසල් යන ළමුන් මේ සදහා පෙලබී සිටි.
මෙම දුම්වැටිය නිසා විනාශ වී යන්නේ සමාජයේ පාසල් ළමුන් හා තරුණ තරුණීන්ය.
පටු ආත්මාර්ථකාමී අදහසින් යුතු සුළුතරයක් විසින් සමාජයේ බහුතරයකගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගනු දැක දැක තව දුරටත් නිහඩව සිටිය යුතු නැත.
දුම්වැටිය අලුත් කඩේ විත්ති කූඩුව වෙත කැදවාගෙන යාමට පමා වියයුතු නැත.
උපුටා ගැනීමකි.
Comments
Post a Comment